Wednesday, January 31, 2018

කටකාරිගේ අලුත් කතාව....... මරිජුවානා.......

න්න .ආවා ඔයාලට කතාවක් අරගෙන............. ගංජා ගහන්නේ නැති වුණාට ඔයාලා කව්රුත් ගංජා ගැන දන්නවනේ නේද? මං  මේ කියන්නේ පුජනීය පැලෑටියක් වශයෙන් ගංජා සලකන පිරිසක් ගැනයි.


ඒ  තමයි රස්තෆාරියනුවෝ. රස්තා දහමේ ගංජා භාවිතය අනිවාර්ය අංගයක් ලෙස සැලකෙනවා.

අපි කවුරුත් දන්න බොබ් මාලේ අප්‍රිකාවේ මේ රස්තා දහම අදහන කෙනෙක්. බොබ් සහ බෝබ්ගේ රෙගේ සංගීතය නිසයි මේ දහම ලෝකයේ ජනප්‍රිය වුණෙත්.

 ඉතින්  මේ රස්තා දහම අදහන අය ගංජා ආගමික උරුමයෙන් ලැබුණු දෙයක් ලෙසයි හිතන්නේ. එයාලා ඒවා භාවිතා කරන්නේ ආගමික වතාවත් විදියට සළකලයි. මරිජුවානා, කැනබින් ආදී නම් වලින් ප්‍රසිද්ධ මේ ගංජා රස්තා දහමේදී 'ප්‍රඥාවන්ත පැළෑටිය' ලෙසින් හඳුන්වයි. මේ ශුද්ධ වූ ඖෂධය විසින් තමන්ව දෙවියන් වෙතට ලංකරන බවයි ඔවුන් සිතන්නේ ඔවුන් එයට භක්තිය මුසු ගෞරවයකුයි දක්වන්නේ.
 
බොබ් මාර්ලේ ගංජා සුරුට්ටුවක් උරමින් සිටින ඡායාරුපයක් බොහෝවිට දැකගත හැකියි. වරක් බොබ්ගේ දියණිය ගංජා වගා කිරීමේ චෝදනවට අත්අඩංගුවට පත්වුයේ නීතියෙන් භාවිතයට හෝ වගාවට තහනම් නිසයි.
අප්‍රිකාවේ ඉපදුණොත් හොදයි කියලා එහෙම හිතුනේ නෑ නේද?
 
හීහීහී..............
 
 

ඡායාරූප කීවම ඉතින් මතක් වෙලා තවකෙනෙක් ගැනයි කියන්න යන්නේ. මෙයා  ඡායාරූප වල විතරක් නෙමෙයි අඹපු රූපයක් විදිහට  දකින්න පුළුවන්. සුදු පැහැ කබායකින් සැරසිලා සිටින ලෝකයේම බාල මහළු කා අතරත් ජනප්‍රිය  චරිතයක්  තමයි කර්නල් සැන්ඩර්ස්. 1995 පටන් ලංකාවෙත් ඔහු සැරිසරනවා. මේ KFC (kentucky fried chicken) අවන්හල් ජාලයේ සන්නාම සලකුණයි. සිය අවන්හල ඉදිරිපිට සිටගෙන සිටින ආකාරයයි ඒ. හැලන්ඩ් සැන්ඩර්ස් නම් මොහුගේ සාක්කුවේ potuel frit kentuckey ලෙස නම් කර තිබෙන්නේ ප්‍රංශ බස කතා කරන කැනඩාවෙන් පැමිණි නිසයි.
 
  සුදු කබාය, කළු ටයි පටිය, කෙටි යටි රැවුල, කළු සැරයටිය මේ චරිතයේ සුවිශේෂ ලක්ෂණයයි. 1935 දී කෙන්ටකි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා මොහුට කෙන්ටකි කර්නල් නම් නාමය පිළිගැන්වූවා. ඇත්තටම මොහු නියම කුක් කෙනෙක්. ගෑස් පිරවුම්හල අසළ සංචාරකයන්ට බැදපු කුකුල්මස් අලෙවිකරලයි මුලින්ම ව්‍යාපාරය පටන් ගත්තේ. ඔහුටම ආවේණික විදියකටයි මේ කුකුල් මස් බැද්දේ. එනිසා එය සුවිශේෂී රසයක් වුණා. තුනපහ වර්ග 11 මෙය සැකසීමට යොදා ගන්නා අතර ඔහු තුනපහ සහිත භාජනය යන යන තැන රැගෙන යාම  සිරිතක් කරගෙන තියෙනවා. ඔයාලා දන්නවද? අදටත් බැදපු කුකුල්මස්  වට්ටෝරුව රහසක්........

Add caption
 
 
හීහීහී..............
කටකාරිට යන්න වෙලාව හරි බලන ඔයාලා කොමෙන්ටුවක් දාලම යන්න........

කටකාරිගේ අලුත් කතාව....... මරිජුවානා.......

ඔ න්න .ආවා ඔයාලට කතාවක් අරගෙන ............. ගංජා ගහන්නේ නැති වුණාට ඔයාලා කව්රුත් ගංජා ගැන දන්නවනේ නේද ? මං  මේ කියන්නේ පුජනීය පැලෑටියක්...