හූහූහූහූහූ......................
කටකාරිට පිස්සු කියල හිතුණද? හූවක් කියාගෙනම එන්න හිතුණා. හැබැයි මං මෙහෙම හූ කීවාට අපේ මුතුන්
මිත්තන් නම් හූ කිවේ ආවට ගියාට නෙමෙයි. ඒක පළිවෙතක්. ඇත්තටම කීවොත් හූ කීමේ සම්මතයක් හරියාකාරව හඳුනාගත්තේ නැතිනම් හූවකින් කියන්නේ මොන වුවමනාවක්ද? කියලා අනෙක් අයට හොයා ගන්න බැහැ. එයට පිළිතුරු දෙන්නේ හූ කියන තැන හා හූ කියන රටාව අනුවයි. මොකද දන්නවද? එක එක වුවමනා වලට හූවෙ ස්වරය වෙනස් නිසයි.
හෙවිල්ලුම හූව
මහ කැලයේ හූව
පැල් හූව
විපත්ති හූව
උපත් හූව
ඇමතුම් හූව
වැහි හූව
දඩයම් හූව
ගිනි හූව
මළ හූව
රහස් හූව
කරත්ත හූව
ඔච්චම් හූව
වැදුම්ගේ හූව
මූකලන් හූව
ලෙස හූවේ වර්ග ගොඩක් තියෙනවා. මේ අතරින් හෙවිල්ලුම් හූව කියන්නෙත් මොකක්ද කියලා අපි බලමුකෝ..... ගමේ ගෙවල්වල වහලයට අලුතෙන් පොල් අතු හෙවිල්ලන විටයි මේ හූව කියන්නේ. හෙවිල්ලන තැනැත්තා ගෙදර වහලය උඩට නැගලා වහලය අලුත් වැඩියාවට හූ කියනවිට පළමු හූවක්ද, ඊට ඇසිල්ලකින් පසුව යළිත් දෙවතාවක්ද හූ කියනවා. උදැසනක මෙහෙම හූ තුනක් කිවම ඒ වහලය හදන්න බව දන්නවා. පැමිනෙණ පිරිස පිළිතුරු හූව තියනවා.
ඒකනම් නිකං දුරකථන ඇමතුමක් වගේම තමයි නේද? නොමිලේම ඇමතුමක්........
හීහීහී...........
ඇමතුමක් කිවම ඔයාට ටිකක් හිනායන විහිළුවක් කරන්න හිතුණා.
එක්තරා සංචාරකයෙකු තමන් ලැගුම්ගෙන සිටි හෝටලයේ විමසීම් කවළුවට දුරකථනයෙන් කතාකරලා මෙහෙම කීවා.
"උදව් කරන්න මම මගේ කාමරයේ හිරවෙලා ඉන්නේ"
"හිරවෙලා......... ඒ කොහොමද?"........
"කාමරයේ දොරවල් තුනක් තියෙනවා. එකක් විවෘත කළහම නාන කාමරය. දෙවන දොර විවෘත කළහම බැල්කනිය. අනෙක විවෘත කළහම ' බාධා කරන්න එපා' කියලා බෝඩ් එකක් තියෙනවනේ.
හීහීහී..........
බාධා කරන්න එපා කීවම තව එකක් කියන්නම හිතෙනවා. මේ කව්රුත් බාධා කරන්නේ නැතිව තියෙන තැනක් ගැන. නියමයි නේද? එහෙම තැනක්.............
මෙහෙ ජිවත්වෙන්නේ එකම එක කාන්තාවක් විතරයි. එක්සත් ජනපදයේ න්‍රොස්කා ප්‍රදේශයේ තියෙන සුළු නගරයක් ලෙස සැලකෙන මොන්ඕවි නගරය තමයි මේ. 1930 දී ජනගහනය 150 පමණ වූ මෙම නගරයේ අද ඉන්නේ එල්සි එලර් නම් වැන්දඹු කාන්තාව විතරයි. 2004 දී රූඩ් නම් ඇගේ ස්වාමියා මියගියාට පස්සේ ඇය මෙහෙම තනියම ඉන්නේ. මේ නගරයේ නගරාධිපති, ලිපිකරු, භාණ්ඩාගාරික කියන තනතුරු තුන වගේම පුස්තකාලයේ හා එකම තැබෑරුමේ හිමිකාරිය එල්සිම තමයි. සෑම වසරකම රජයට බදු ගෙවමින් මොන්ඕවි නගරයේ ඇති විදී පහන් හතරද නඩත්තු කරන එල්සි ජිවත්වන මේ නගරයේ තමයි කුඩාම අධිකරණ වසම වෙන්නෙත්. මේ නගරය හරහා ගමන් බිමන් යන සංචාරකයින්ගෙන් ලැබෙන සුළු දෛනික ආදායමෙන් තමයි ජිවත්වෙන්නේ.
නියමයි නේද? ඔයාටත් යන්න හිතුනද?..........
| elsi |
හීහීහී ..........
කටකාරි යනවා....... එහෙනම් ඔයලා යනකොට කොමෙන්ටුවකුත් දාන්න හොදේ...........
No comments:
Post a Comment